වෙබ් පාදක සමුද්රීය අවස්ථායික දැනුවත් කිරීමේ මෙවලමක්
සාරාංශය
SeaVision යනු සමුද්රීය මෙහෙයුම් වැඩි දියුණු කිරීම, සමුද්රීය ආරක්ෂාව වැඩි කිරීම සහ සමුද්රීය ප්රජාව සමග හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම සඳහා සමුද්රීය තොරතුරු පෙළක් බැලීමට සහ බෙදා ගැනීමට පරිශීලකයන්ට හැකියාව ලබා දෙන වෙබ් පාදක සමුද්රීය අවස්ථායික දැනුවත් කිරීමේ මෙවලමකි.
තොරතුරු කළමනාකරණය කිරීමේදී පරිශීලකයාට සහාය වීම සඳහා, අර්ථ දක්වන ලද සමුද්රීය ක්රියාකාරකම් සහ අවස්ථා පිළිබඳ ඇගයීමට ලක් කිරීමට සහ පරිශීලකයාට දැනුම් දීමට SeaVision විසින් පරිශීලකයන් විසින් අර්ථ දක්වන ලද රීති පාදක විශ්ලේෂණ සපයනු ලැබේ. SeaVision යනු විවිධ මෙහෙයුම් අවශ්යතා සපුරා ගැනීම පිණිස බහු දත්ත මූලාශ්ර ඉක්මනින් එකතු කිරීමේ සහ සහසම්බන්ධ කිරීමේ හැකියාව සහිත වියදම් අවම දෘශ්යකරණ සහ කළමනාකරණ මෙවලමක් වේ.
විශේෂාංග
දත්ත
ප්රජාවන් සහ පුද්ගලයන්
ප්රජාවන් සහ පුද්ගලයන් හරහා පරිශීලකයින් සහ තොරතුරු කළමනාකරණය කෙරේ. ප්රජාවන් යනු බෙදා ගන්නා ලද මෙහෙවරක් සහිත පරිශීලක සමූහ වන අතර පාලනය කෙරෙනුයේ ප්රජා කළමනාකරුවෙකු විසිනි. Persona (පුද්ගලත්වය) යනු Community (ප්රජාවක්) තුළ කේන්ද්රගත වූ උප සමූහයකි. Personas (පුද්ගලත්ව) නිර්මාණය කරනුයේ Community (ප්රජාව) තුළ යෝග්ය Persona (පුද්ගලත්වය) වෙත පරිශීලකයන් පවරනු ලබන Community (ප්රජා) කළමනාකරු විසිනි. අනුදත් දත්ත සහ බෙදා ගන්නා ලද වස්තූන් වෙත ප්රවේශය ප්රදානය කිරීම සඳහා Persona (පුද්ගලත්වයක්) වෙත ප්රවේශ වන්න.
පරිශීලකයන්
SeaVision හට 90 කට වැඩි හවුල්කාර ජාතීන්ගෙන් 3,000 කට වැඩි සක්රීය පරිශීලකයන් සංඛ්යාවක් ඇත.