සහාය

නිතර අසන ප්රශ්න

SeaVision භාවිත කළ හැක්කේ කාටද?

SeaVision යනු සමුද්රීය වසම් පිළිබඳ දැනුවත්භාවයට සහාය ලබාදෙන විවිධ මෙහෙයුම් සඳහා පුළුල්ව භාවිත වන එක්සත් ජනපද රජයේ යෙදුමකි. ප්රජා කළමනාකරුවන් විසින් යෙදුම් සූක්ෂමව පරික්ෂා කිරීම සිදු කර SeaVision සඳහා පරිශීලක ගිණුම් වෙන් කරයි. ප්රජා කළමනාකරුවන් විසින් තම ප්රජාව තුළ කුමන පරිශීලකයන්ට කුමන දත්තවලට ප්රවේශ විය හැකිද යන්න පාලනය කරයි. එක්සත් ජනපද රජයේ පිරිසට සරලවම “එක්සත් ජනපද රජය” Community (ප්රජාව) සඳහා ගිණුමක් ඉල්ලා සිටීමෙන් රජය වෙත ලබාගත හැකි දත්ත නැරඹීමට SeaVision භාවිත කළ හැකිය. පවතින රජයේ දත්ත හැර වෙනත් දත්ත නැරඹීමට අපේක්ෂා කරන හවුල්කාර ජාතීන්ගේ හෝ වෙනත් එක්සත් ජනපද නියෝජිතායතනවල සහ සංවිධානවල පරිශීලකයන් ඔවුන් සහාය දක්වන කාර්යය අනුව දත්ත වෙත ප්රවේශ වීම සඳහා අනුමත/ප්රතික්ෂේප කරනු ලැබේ.

මා SeaVision සඳහා පුහුණුවක් ලබන්නේ කෙසේ ද?

SeaVision එක්සත් ජනපදය සහ හවුල්කාර ජාතීන් සඳහා වර්ග නොකළ, PKI නොවන මෙවලමක් ලෙස පුළුල්ව භාවිත වේ. SeaVision එක්සත් ජනපද නාවික හමුදාවේ අවශ්යතා සහ පරිශීලක ප්රතිපෝෂණ මත පදනම්ව වැඩි දියුණු කළ ක්රියාකාරිත්වයන් සහ වැඩි දියුණු කළ පරිශීලක අතුරුමුහුණත් සැලසුම් සහිතව අනුක්රමිකව යාවත්කාල කෙරේ. පුහුණුවන SeaVision පරිශීලකයන් යනු ගෝලීය සමුද්රීය වසම් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා SeaVision තුළ සියලු විශේෂාංග සහ කාර්යයන් උපරිම කිරීම සඳහා ඇති ප්රධාන අංගයකි.

සාමාන්ය ක්රියාකාරිත්වය:

ප්රජා හෝ පුද්ගල අනුබද්ධ වීම නොසලකා, SeaVision හි වේදිකා ක්රියාකාරිත්වය සහ එහි හැකියාව උපරිම කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා SeaVision කණ්ඩායම විසින් පුහුණුවට අවශ්ය ද්රව්ය සහ පසුබිම් තොරතුරු අඛණ්ඩව ගොඩනඟා යාවත්කාල කරයි.

Community (ප්රජා) විශේෂිත පුහුණුව:

ව්යවසායය තුළ එක් එක් ප්රජාවට ඔවුන්ටම නියමිත වූ ඉලක්ක සහ අවශ්යතා තිබේ. එම ප්රජාවන් තුළ විශේෂිත මෙහෙයුම් ක්රියාවලීන් (උපක්රම, ශිල්ප ක්රම සහ ක්රියා පටිපාටි (TTP) වැනි) සඳහා සහාය ලබාදෙන SeaVision භාවිතය හෝ ක්රියාවලීන් පිළිබඳ පුහුණු කිරීම ප්රජා කළමනාකරුගේ වගකීම වේ.

SeaVision කණ්ඩායම විසින් ආකෘති කිහිපයකින් පුහුණුව සපයයි. වැඩිදුර තොරතුරු සඳහා, පුහුණුව බලන්න.

SeaVision හි පිරිවැය කොපමණද?

පවතින රජයේ දත්ත බැලීම සහ බෙදාගැනීම සඳහා සමුද්රීය අවස්ථායික දැනුවත් කිරීමේ මෙවලමක් ලෙස SeaVision භාවිතා කිරීම සමුද්රීය සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව පිළිබඳ තොරතුරු පද්ධතිය (MSSIS) ජාලය/වැඩසටහන තුළ එක්සත් ජනපද රජයේ පිරිස සහ හවුල්කාර ජාතීන් සඳහා නොමිලයේ වේ. MSSIS පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් බලන්නවිවෘත_කරන්න_නව.

සටන් ආඥාපතිවරුන් හෝ වෙනත් එක්සත් ජනපද නියෝජිතායතන විසින් වාණිජ දත්ත මිලදී ගනු ලබන අතර තම ප්රජාවේ පරිශීලකයන් සඳහා ඔවුන්ගේ මෙහෙයුම් කාර්යයන්වලට සහාය වීම සඳහා වියදමකින් තොරව SeaVision වෙත ඒකාබද්ධ කෙරේ. SeaVision තුළ විවිධ දත්ත මූලාශ්රවලට ප්රවේශ වීම නිශ්චිත Community (ප්රජාවේ) Community (ප්රජා) කළමනාකරුවන් විසින් කළමනාකරණය කර අනුමත/ප්රතික්ෂේප කරනු ලැබේ.

මට SeaVision ගිණුමක් ලබාගත හැක්කේ කෙසේද?

  1. Community (ප්රජාවක්) සොයාගන්න. පළමු පියවර වන්නේ ඔබේ කාර්යයට අනුබද්ධ වන සහ ඔබේ තොරතුරු බෙදාගැනීමේ අවශ්යතාවන්ට සහාය වන SeaVision ප්රජාව සොයා ගැනීම වේ.
  2. SeaVision වෙබ් අඩවියට යන්න. ඔබ එකතු විය යුත්තේ කුමන ප්රජාවටද යන්න හඳුනාගත් පසු SeaVision වෙත යන්න. ඔබව පරිශීලක ගිවිසුමට එකඟ වීමට යොමු කෙරෙන අතර “Request New Account (නව ගිණුමක් ඉල්ලුම් කරන්න)” සබැඳිය මත ක්ලික් කරන්න.
  3. ඔබේ විද්යුත් තැපෑල තහවුරු කරන්න. ඔබේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුලත් කර “Register (ලියාපදිංචි කරන්න)” මත ක්ලික් කරන්න. ඔබේ විද්යුත් තැපෑල පරික්ෂා කර නව ගිණුමක් ඉල්ලුම් කිරීම සඳහා තහවුරු කිරීමේ විද්යුත් තැපැලේ ඇති සබැඳිය අනුගමනය කරන්න.
  4. නව ගිණුමක් ඉල්ලුම් කරන්න. “New Account Request (නව ගිණුමක් ඉල්ලුම් කිරීම)” ආකෘතියේ සියලු ක්ෂේත්ර පුරවා “Submit Request (ඉල්ලීම ඉදිරිපත් කරන්න)” මත ක්ලික් කරන්න. ඔබේ ඉල්ලීම ඔබ එකතු වීමට ඉල්ලා ඇති ප්රජාවේ ප්රජා කළමනාකරු වෙත යොමු කෙරේ.
  5. ගිණුම නිර්මාණය කරන ලදී යන විද්යුත් තැපැල් පණිවුඩය ලැබීම. ප්රජා කළමනාකරු විසින් ඔබව සූක්ෂමව පරික්ෂා කර ඔබේ ගිණුම අනුමත කිරීමෙන් පසුව, ඔබේ SeaVision ගිණුම භාවිතය සඳහා සූදානම් බව දන්වමින් ගිණුම නිර්මාණය කරන ලදී යන විද්යුත් තැපැල් පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත.

SeaVision ක්රියාත්මක වන්නේ කුමන බ්රවුසර සඳහා ද?

SeaVision Google Chrome වෙබ් බ්රවුසරය සඳහා ප්රශස්ත කර ඇත. Firefox වෙබ් බ්රව්සරය ද අනුකූල වේ, එසේ වුවද, වඩාත් හොඳ පරිශීලක අත්දැකීමක් සඳහා Chrome නිර්දේශ කෙරේ.

මා හට ජංගම උපාංගයක SeaVision ස්ථාපනය කළ හැක්කේ කෙසේද?

මෙහි උපදෙස් බලන්න.

සම්බන්ධ වීමෙන් පසු SeaVision ඇරඹෙන්නේ නැති බවක් පෙනේ; ප්රශ්නය කුමක් විය හැකිද?

පොදු ගැටළුවක් වන්නේ පරිශීලකයාගේ වෙබ් බ්රවුසරයෙහි පිරුණු නිහිතයක් තිබීම වේ.

මම SeaVision හි දැකීමට කැමති වන්නේ කුමක්ද යන්න පිළිබඳ ප්රතිපෝෂණ ලබා දිය හැක්කේ කෙසේද?

පරිශීලකයන්ට SeaVision තුළ දෝෂයක් වාර්තා කිරීමට, විශේෂාංගයක් යෝජනා කිරීමට හෝ ප්රශ්නයක් ඇසීමට හැකි ය. එය පටන් ගැනීමට SeaVision වෙත සම්බන්ධ වීමෙන් පසුව, පරිශීලක අතුරුමුහුණතේ දකුණුපස පහළ කෙළවරේ ඇති User Feedback (පරිශීලක ප්රතිපෝෂණය) බොත්තම පිරික්සන්න.

මගේ ප්රශ්නයට විසඳුමක් මට නොලැබේ. පරිශීලක සහායක් තිබේද?

උපකාරක ස්ථානය අමතන්න.

There was an error submitting your request.